පුවත්

විදෙස් ගමන් බලපත්‍ර ගන්නා අයට නිවේදනයක්

Published

on

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (13) උදෑසන ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දිනයට නිකුත් කිරීමට නියමිතව තිබූ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමක් නොහැකි වී ඇති අතර, ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසා තිබුණේ අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලුදෙනාටම හෙට (14) දිනයේ පෙරවරු 12න් පසුව සිය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙසටය.

දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකරමින් පවතින බවද ඉලුක්පිටිය මහතා පවසා ඇත.

හෙට පැමිණීමට හැකියාවක් නොමැති සියලුදෙනාටම ඔවුන්ගේ විදෙස් ගමන් බල පත්‍රය නිවස යැවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Trending

Exit mobile version