අද දිනයේදී අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම, හෙට (08) දිනයේ සිට යළි අරඹන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම මෙසේ අත්හිටුවා තිබුණේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙනි.
—————————————-
(පෙර පුවත 2022.11.08, පස්වරු 02:44)
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.