Connect with us

පුවත්

විදෙස් සංචාර වියදම් හෙළිදරව්ව ගැන මෛත්‍රී අවුලෙන්

Published

on

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (06) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, වසර 5ක කාලය තුළ තමා විසින් රුපියල් මිලියන 384ක් වියදම් වී ඇති බවට පෙනී ගියද  ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවය.

– උපුටා ගැනීම –

වසර 5ක කාලය තුළ මා විසින් රුපියල් මිලියන 384ක මුදලක් වියදම් වී ඇති බව පෙනෙන අතර ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලසීමාවෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කණගාටුවට කරුණකි.

2015 වර්ෂයේ මා බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ බලවත් රටවල් සමඟ විදේශ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. ඒ සියල්ල යළි යථා තත්ත්වයට පත් කරමින් විදේශ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර විදෙස් සමුළුවලට මා සහභාගී වූ විට විදෙස් රටවල රාජ්‍ය නායකයින් මා අසලටම පැමිණ මා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට තරම් ඒ වන විට ශක්තිමත් විදේශ සබඳතාවයක් ඇති කර ගැනීමට මාගේ ධූර කාලය තුළ හැකිවිය.

සිය පාලන කාලය තුළ සිදුවූ විදෙස් සබඳතා පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය නිවේදනයෙන් මෙලෙස විස්තර කර තිබෙනවා.

පුවත්

බහුතරයක් හිමිවුවත් මාලිමාව අර්බුදයක ද?

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මේ වනවිට පළාත් පාලන ආයතන 268ක ප්‍රතිඵල නිකුත්වී තිබුණ ද ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී ඇත්තේ පළාත් පාලන ආයතන 103ක පමණි.

තවත් පළාත් පාලන ආයතන 20ක විපක්ෂය සහ ජාතික ජන බලවේගය එකහා සමාන මට්ටමක පසුවෙයි.

කෙසේවෙතත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලටයි.

මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති.

පළාත් පාලන ආයතනවල තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක තේරී පත්වන සභිකයින් සංඛ්‍යාව 50%ක් හෝ ඊට වැඩි වුවහොත් අදාළ පක්ෂයට හෝ කණ්ඩායමට සභාපති හා උප සභාපති නම්කර එවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙනු ලබයි.

එහෙත් එසේ බලයක් නොගතහොත් ඊට මැතිවරණ කොමිසම මැදිහත් නොවී සභාපති හෝ නගරාධිපති පත් කරගැනීම අදාළ පළාත් පාලන ආයතනයේ සභිකයින්ගේ එකඟතාවයෙන් සිදුකරන බව සඳහන් වෙයි.

Continue Reading

පුවත්

අදත් හවසට වැස්ස

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව  දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Continue Reading

පුවත්

මැතිවරණ රාජකාරිවල නියුතුව සිටි රාජ්‍ය සේවකයින්ට  අද   නිවාඩු

Published

on

By

මැතිවරණ රාජකාරී කටයුතුවල නිරතවී සිටින රාජ්‍ය සේවකයින් සඳහා අද  (07) දිනයේ නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved