Connect with us

පුවත්

විදේශසේවා නියුක්ති කාර්යංශය ව්‍යවස්ථාවත් කඩා ඇතැයි කෝප් කමිටුවේදී හෙළිවෙයි!

Published

on

විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව ‘කෝප්’ කමිටුවේදී අනාවරණය වී ඇත.

එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව හමුවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කැඳවූ අවස්ථාවේ කරුණු හෙළි වූ අතර වහා ම එකී සියලු චක්‍රලේඛ අවලංගු කරන ලෙසට කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත සමරවීර මහතා එම කාර්යාංශයට නියෝග කර තිබේ.

නිවැරැදි ලෙස කටයුතු නොකළ විදේශ රැකියා ඒජන්සි පිළිබඳව ද මෙහිදී කරුණු අනාවරණය වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කර එසේ නිවැරැදිව කටයුතු කර නැති විදේශ රැකියා ඒජන්සි වහා ම ආයතනයෙන් ඉවත් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා දන්වා ඇත.

පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ කෝප් කමිටු සභාපතිවරයා සහ කමිටුවේ මන්ත්‍රිවරු එම කාර්යාංශ නිලධාරීන්ගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළහ.

විදේශ රටවලට රැකියා සඳහා පිටව ගිය අය පිළිබඳව ඇතැම් නිවැරැදි දත්ත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නොමැති බවට මෙහිදී කරුණු හෙළිවූ අතර ඒ පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අප්‍රසාදය විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට එල්ල විය.

එම කාර්යාංශ නිලධාරීන් කෝප් කමිටුවට ඉදිරිපත් කළ ඇතැම් දත්ත පිළිබඳවද මෙහිදී ගැටලු මතුවූ අතර නිවැරැදි දත්ත ඉදිරිපත් නොකළ බවට තහවුරු වුවහොත් අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රි වරප්‍රසාද කමිටුවට එම නිලධාරීන් කැඳවන බවට කෝප් කමිටු සභාපතිවරයා පැවසීය.

විදෙස්ගතවූවන් පිළිබඳව හා කාර්යාංශයට අදාළ කාරණා පිළිබඳව අසන ලද පැනයකදී එහි සාමාන්‍යාධිකාරිවරයා ‘තම ලැප්ටොප් පරිගණකය ගෙනාවේ නැතැයි’ පැවැසූ අවස්ථාවේ කෝප් කමිටු සාමාජික අසිත නිරෝෂණ මන්ත්‍රිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ඔහු ලක්විය.

‘මහත්තයෝ මේක ‘කෝප්’ කමිටුව ඉදිරියේ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා’ මේ ස්ථානයට එද්දී සියලු දේ අරගෙන එන්න යනුවෙන් දැඩි ලෙස පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුළුමනින් ම එම ආයතනයේ වගකීම් පැහැරහැර ඇති බවද එම කාර්යාංශය සිදුකර ඇත්තේ මිනිස් ජාවාරම බව ද කෝප් කමිටු මන්ත්‍රිවරු මෙහිදී දැඩි අප්‍රසාදයකින් එම කාර්යාංශ නිලධාරීන්ට පැවැසූහ.

එම නිසා එම කාර්යාංශයේ වැරැදි තීන්දු තීරණ ගත් අය පිළිබඳව වහාම විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී නියෝග කළේ ය.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තම කාර්යභාරය පැහැරහැර ඇති බවද මෙහිදී කෝප් කමිටු මන්ත්‍රිවරු පැවැසූහ.

පුවත්

මීළඟ විදුලි ගාස්තු සංශෝධනය තෙක් IMF ණය වාරිකය නොලැබේ

Published

on

By

ජුනි මාසයේදී සිදුකෙරෙනු ඇතැයි අපේක්ෂිත මීළඟ විදුලි ගාස්තු සංශෝධනය වන තෙක් අයිඑම්එෆ් පස්වන ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත ලබාදීම ප්‍රමාද වනු ඇත.

මේ බව  ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙලේ ආරංචිමාර්ග “දිවයින”ට තහවුරු කළේය.

මෙයට හේතුව වී ඇත්තේ අයිඑම්එෆ් එක සමග එකඟ වී ඇති  පිරිවැය ආවරණය කෙරෙන මිල ක්‍රමය ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රමාද වීමයි.

මෙය ශ්‍රී ලංකාව පැත්තේ ප්‍රමාදයක් මිස අයිඑම්එෆ් ප්‍රමාදයක් නොවන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මූලාශ්‍රය  – දිවයින

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මර්වින් නැවතත් රිමාන්ඩ්

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල නැවතත් රිමාන්ඩ්

Published

on

By

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved