විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ හා යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ සිය කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය පැණනැගී ඇති බවයි.
විදේශ කටයුතු අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ :