Connect with us

පුවත්

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම අද සිට මාර්ගගත ක්‍රමයට

Published

on

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය අද (06) සිට ක්‍රියාත්මකය.

ඒ අනුව සඳහා  www.immigration.gov.lk   සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය.

එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිටයි.

ඒ අනුව 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකි වේ.

නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත් සඳහා ද නව ක්‍රමවේද‍ය ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව සඳහන්ය.

ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.

6වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතු වේ.

මෙම අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ  www.immigration.gov.lk   වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවය සඳහා ලියාපදිංචිය සිදු කළ හැකිය.

ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙන බව සඳහන්ය.

අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට (ප්‍රධාන කාර්‍යාලය, මාතර, නුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ.

එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.

දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved