Connect with us

පුවත්

විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රට තිරිසන් සමාජයක් වුණා

Published

on

විධායක ජනාධිපති ක්‍රමය තුළින් මෙරට  තිරිසන් සමාජයක් බිහි වූ බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසා ඇත්තේ එම සමාජ ක්‍රමය මෙරට ජනතාව විනාශ කළ බවය.

අද (05) කොළඹ පැවති විධිමත් රටක් නමින් වු සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවයේදී විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කලේය.

එක් යුගයක මෙරට මැද මුලන බූදලයක්ව තිබූ බවත් එයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරිහානියට පත්වූ බවත් විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.

එහිදී  මෙරට පැවති අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ  අරගලය අයත් වන්නේ තරුණයින්ට පමණක් නොව ඒ සඳහා වයස් භේදයකින් දෙකින් තොරව රටේ බොහෝ පිරිසක් එක්වු බවය.

කෙසේවෙතත් එහි අරමුණු හඳුනන  නායකයෙකු නොමැති වීම හේතුවෙන් අකාලයේ දියව ගිය බවද විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා,

“අප රටේ ඉතිහාසයේ ප්‍රථම වරට බංකොලොත් රටක මැතිවරණයක් පවත්වනවා. දේශපාලන පක්ෂ නායකයින් සහ පක්ෂ විසින් ජනතාව බංකොලොත් කර තිබෙනවා. 1977 වනතෙක් මේ තත්ත්වය මේ රටේ තිබුණේ නෑ සියල්ල උඩි යටිකුරු වුණේ හැත්ත හතෙන් පසුවයි. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ තිරිසන් සමාජයක් බිහිකළා. තිරිසන්නු අපව විනාශ කළා. ඒ නිසා මේ සමාජයම වෙනස් කිරීම සඳහා අද ජනතාවට නැගී සිටීමට සිදුව තිබෙනවා.

එදා ඇතමුන් තමාට ඔටුනු පැළඳවීමට කුමාරවරු දරුවන්නැතැයි කිවිවත් අපට එසේ සිතන්න බෑ. මේ රටේ දූ දරුවන් ලක්ෂ ගණන කොට අප ඔටුනු පැළඳවිය යුතුයි. එහෙම හිතන්ඩ බැරි පාලනයකින් මේ රට හදන්න බෑ කාලයක් මේ රට මැද මුලන බූදලයක් වුනා. එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තැනක් නැතිවුණා ඊට පස්සේ බඩ වඩා ගැනීමට කටයුතු කළා මිසක් පක්ෂය ශක්තිමත් කළේ නෑ.

මම නායකම් ඉල්ලුවෙ නෑ නෑ බදා ගැනීමේ පුරුද්දේ නෑ අතහැරීම මගේ පුරුද්දයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමේ වගකීම මට තිබෙනවා. අදටත් ඒ පක්ෂයට මේ රටේ ඡන්ද ලක්ෂ පනහක් හැටක් තිබෙනවා.

මේ රට වෙනස් කිරීමට නම් නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් විය යුතුයි.. නිවැරදි තීන්දුව ගත්තේ නැත්නම් අනාගතයක් නෑ.”

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved