ලබන මාසයේ සිට විධායක නොවන සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 5000 කින් ඉහළ නැංවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව පසුගියදා වැඩි වූ රුපියල් 10,000 දීමනාව ද සමඟ රුපියල් 15,000 ක් සෑම සේවකයකුටම හිමිවනු ඇතැයි පැවසේ.
මේ අතර, රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ සමාලෝචනය කර ලබන වසරේ සිට ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේවන විට කමිටුවක් ද පත්කර තිබේ.
කෙසේවුවද, ජනාධිපතිවරයා එම කමිටුවට ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ වැටුප් වැඩි කළ යුතු බව බවසා ඇතැයි ද වාර්තා වේ.
එසේ වුවද එම කමිටුව සහ මුදල් අමාත්‍යංශය මෙම යෝජනාවට අකමැත්ත ප්‍රකාශ ඇතත් ජනාධිපතිවරයා සිය මතය වෙනස් කර නැතැයි පැවසේ.
මේ සඳහා වැයවන මුදල යම් ආකාරයකින් ජනතාවගෙන් අය කරගත යුතු අතර එසේ නොවුණහොත් ඉදිරි මාස හතර සඳහා එය ගෙවීම ගැටලුවක් වන බවද කමිටුව පෙන්වා දී ඇති බව පැවසේ.
මූලාශ්‍රය – දේශය