පුවත්

විනයානුකූලව හැසිරෙන්න මානව හිමිකම් කොමිසම පොලිසියට කියයි

Published

on

විනයානුකූලව හැසිරෙන්න මානව හිමිකම් කොමිසම  පොලිසියට කියයිවිරෝධතාවක් අතරතුර උසස් පොලිස් නිලධාරියෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු “බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමේ” සිද්ධිය සහ අදාළ විරෝධතාව මැඩපැවැත්වීම සම්බන්ධ තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරපන සඳහන් කර ඇත්තේ, කළුතරින් ආරම්භ වූ සාමකාමී පා ගමනක් පානදුරේදී පොලිසිය විසින් නතර කරන ලද බව පානදුර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොමිසම හමුවේ පිළිගත් බව ය.

ඒ අනුව, එම පාගමන සීමා කිරීමට හේතුව සහ පොලිසිය පාගමන නැවැත්වූයේ කාගේ අණක් මත ද යන වග, එම විධාන හෝ නියෝග රැගෙන ගියේ කවුද? වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පොලිසිය ආරම්භ කළ ක්‍රියාමාර්ගය පිළිබඳව තොරතුරු දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස සභාපතිවරිය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

තව ද පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මෙවැනි පහත් ක්‍රියා සිදු නොවීමට පොලිස්පතිවරයා ආරම්භ කළ පියවර පිළිබඳව ද දැනුවත් කරන ලෙස එහි සඳහන් කර තිබේ.

අදාළ ලිපිය මගින් එම කොමිසම වැඩිදුරටත් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ, රටේ නීතියේ ආධිපත්‍යය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ විනය පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා වෙත නිර්දේශ කරන බව ය.

Trending

Exit mobile version