Connect with us

පුවත්

විනිසුරු සරවනරාජාගේ ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ‍

Published

on

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට මරණ තර්ජන ඇති බව පවසමින් ඉල්ලා අස්වීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදි හෙලිවී ඇත්තේ ඔහු හට මෙවැනි තර්ජනයක් ඇති බවව මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොමැති බවය.

මෙම මස 23දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමින් මහේස්ත්‍රාත්වරයා ඊට පසුදින විදේශගත වී ඇත.

මහේස්ත්‍රාත්වරයා  නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී  නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවය.

සබැදි පුවත් :

මුලතිව් විනිසුරු සියලු ධූරවලින් ඉල්ලා අස්වෙයි 

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved