පුවත්

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය

Published

on

විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂය යුක්තිය මෙහෙයුමට දැඩි ලෙස විරුද්ධ වූ බවත්, විපක්ෂය පොලිස්පතිවරයා ඉවත්කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ හේතුවෙන් බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව විපක්ෂනායකවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමතිවරයා විසින් මේ බව සඳහන් කරන ලදී.

විපක්ෂය වතු කම්කරු පඩි වැඩිවීම පිළිබඳව කතා නොකර පොලිස්පති ඉවත්කිරීමට පක්ෂව කතා කිරීමෙන් විපක්ෂයේ සැබෑ උවමනාව පැහැදිලි වන්නේ යැයිද ඇමතිවරයා මෙහෙදී වැඩිදුරටත් කියා සිටියේය.

Trending

Exit mobile version