පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Published

on

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එදින පෙ.ව. 9.00 – ප.ව. 12.10 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී මෙම විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

එම විභාගය සඳහා පෙනී සිටින සියලුම අපේක්ෂකයින් සඳහා වන ප්‍රවේශ පත්‍ර පෞද්ගලිකව බාගත කළ නොහැකි වන අතර, තම පාසැල් මඟින් එම කාර්ය සිදුකළ යුතු බව විභාග කොමසාරිස්වරයා පවසයි.

අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැඳුනුම්පත් අංක, ස්ත්‍රී/පුරුෂ සංශෝධන එම වෙබ් අඩවිය තුළින්ම විදුහල්පතිවරුන්ගේ සහාය මත සිදුකළ යුතු වේ.

එමෙන්ම අදාළ සංශෝධන මාර්තු 12දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බවත්, සංශෝධන දින නැවත දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version