පුවත්

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

Published

on

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ අධික වැසි පතිත වීම හේතුවෙන් නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවතී.

ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයද පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බවය.  

එම ජලාශ දෙකේම ජල මට්ටම ඉහළ යාමත් සමඟ විමලසුරෙන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවද ජල විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් තවදුරටත් පෙන්වා දෙයි.

Trending

Exit mobile version