පුවත්

විමල්ගේ නිමල් රනිල් ළඟට!; විමල්ගේ ෆෝන් එකත් ගොළු වෙයි

Published

on

පසුගිය දිනවල විමල් වීරවංශ මහතාගේ දුරකථනය හිටි හැටියේම ප්‍රතිචාර දැක්වීම නවතා දැමීම හේතුවෙන් දේශපාලන ක්ෂ‍ේත්‍රය තරමක් කලබලට පත්ව තිබූ බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් කාටුන් ශිල්පීන්ටත් අමතක නොවන විමල්ගේ දුරකථනය කිසිම විටක ඔෆ් නොකරන බව ප්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද, මෙසේ ඔහුගේ දුරකථනය විසන්ධිකර තැබීමට ඔහුගේ කිට්ටුම මන්ත්‍රීවරයෙක්වන නිමල් පියතිස්ස මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා වූ නුවරඑළියේ පැවැති අවුරුදු උත්සවයට සහභාගිවීම හේතු වී ඇති බවට ද කට කතා පැතිර තිබිණි.

ඇත්තටම සිදුව තිබුණේ විමල් ෆෝන් එක ඔෆ්කර ඇත්තේ තවත් පොතක් ලියන්නටය.

ඔහුගේ උපන් දිනය ලබන මැයි 15 වැනිදාට යෙදී ඇති අතර එදිනට ඔහු තවත් පොතක් ලියා එළි දැක්වීමට සැලැසුම් කර තිබේ.

මේ අතර, විමල්ගේ මන්ත්‍රී නිමල් පියතිස්ස නුවර එළියේ අවුරුදු උත්සවයට සහභාගි වී ඇත්තේ එම අවුරුදු උත්සවය සංවිධානය කළ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යූත් අපි සංවිධානයේ ආරාධනයකට අනුව බවයි.

Trending

Exit mobile version