ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා 1988/89 කාලවකවානුවේ සිය ජීවන අත්දැකීම් ද අලළා රචනා කළ “සඳේ ගින්දර” නම් නවකථාව ඊයේ (07) එළිදැක්විය.
ඒ, බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදීය.
මෙම අවස්ථාවට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ කැලණි විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිමා නිශ්ශංක මහත්මිය යන විද්වතුන් මෙම කෘතිය පිළිබඳව විචාරාත්මක දේශන දෙකක් සිදු කල අතර
සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන්, කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන්, අමරපුර සිරි සද්ධර්ම මහානිකායේ අනුනායක දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ නායක පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉත්තෑදෙමළියේ ඉන්ද්‍රසාර නාහිමිපාණන්, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමිපාණන්, පූජ්‍ය අක්මීමන දයාරතන හිමිපාණන්, පූජ්‍ය පදනංගල ධම්මදේව හිමිපාණන්, පූජ්‍ය තීනියාවල පාලිත හිමිපාණන් ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයද,
රුසියා සහ චීන තානාපති කාර්යාල නියෝජනය කරමින් තානාපති කාර්යාල නිලධාරීන්ද, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ප්‍රමුඛ විද්වතුන්ද, ලාල් කුලරත්න, අජිත් ලොකුගේ කලාකරුවෝද,
හිටපු අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ටිරාන් අලස්, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ජී වීරසිංහ යන මහත්වරුන් ප්‍රධාන දේශපාලන නායකයින්ද, මෙම අවස්ථාවට එකව සිටියහ.
එහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,
“මම දන්නේ නැහැ මේ කෘතිය මොනවගේ ශානරයට අයිති එකක්ද කියලා එහෙම හිතන්න මට ඕන කමකුත් තිබුණේ නැහැ, මට ඕන වුණේ මේ වේදනාකාරී, ධෛර්යසම්පන්න අත්දැකීම් සම්භාරය වෙනත් ආඛ්‍යානයකින් වර්තමාන පරම්පරාවට තිළිණ කරන්න.”