සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විමල බුද්ධි හිමි හෙවත් විශ්ව බුද්ධා නැමැත්තා ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද (21) නියෝග කළේය.
ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේයදීය.
ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණි.
අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු පසුව ඇප මත මුදා හැර තිබිණි.
ඇප මත මුදාහැර සිටි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ පස්වරුවේ යළි අත්අඩංගුවට ගත්තේ කළගෙඩිහේන තිහාරිය ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
ඒ ඇප මත මුදා හැර සිටියදී ඇප කොන්දේසි කඩවන අයුරින් තවදුරටත් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙනි.
එම සිදුවීමත් සමඟ රත්නපුර විමල බුද්ධි හිමි හෙවත් සැකකරු ශිෂ්‍යභාවයෙන් හා නිකායෙන් නෙරපීමට රාමාඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව ඉකුත් වසරේ දෙසැම්බර් මස 15 වැනිදා ඒකමතිකව තීරණය කර ඇතැයි ද පැවසේ.
ඒ ඔහු පැවිදි කරවූ උරුවල විනීත හිමියන් සිදුකළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව, අග්ගමහා පණ්ඩිතය මකුලෑවේ විමල රාමාඤ්ඤ මහා නිකායේ මහනායක මහනාහිමියන් ඒ බව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී ඇති බවද වාර්තා වේ.
සබැඳි පුවත්:
https://sinhala.srilankamirror.com/news/%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b7%94-%e0%b6%af%e0%b7%84%e0%b6%b8%e0%b6%a7-%e0%b6%85%e0%b6%b4%e0%b7%84%e0%b7%8f%e0%b7%83-%e0%b6%9a%e0%b7%85-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8a%e0%b7%80-%e0%b6%b6/