පුවත්

වියදම් නොදුන් අපේක්ෂකයින් නීතිය හෑල්ලු කරනවා

Published

on

පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැය වූ මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළි නොකරන අපේක්‍ෂකයන් මැතිවරණ නීතිය හැල්ලුවකට ලක් කරන අය විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එස්.රත්නායක මහතා පවසයි.

මෙම පිරිසට මේ සඳහා ලබාදුන් අවසන් දිනය ඊයේ (06) බවත්, ඒ සඳහා වැයවූ මුදල ලියාපදිංචි තැපෑලෙන් හෝ දැනුම්දීමක් කළ අයට ගැටලුවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, මෙම අවසන් දිනය දීර්ඝ නොකරන බවද වැය වූ මුදල් නිසි ආකාරයට දැනුම් නොදුන් දේශපාලකයන්ට එරෙහිව නීති ප්‍රකාරව පොලිසිය මගින් නඩු පවරන බවද ඔහු සදහන් කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන්ගෙන් මේ වනවිට 2000කට වැඩි පිරිසක් වැය වූ මුදල් ප්‍රමාණය පිළිබඳව දැනුම් දී ඇති බවය.

Trending

Exit mobile version