පුවත්

විරෝධතාවට ආ 3ක් අල්ලයි; පොලිසියේ 8000ක් නොමඟ යවයි!

Published

on

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සිවිල් සංවිධාන විසින් ඊයේ (16) කොළඹ පැවැත්වූ උද්ඝෝෂණයට එක්වූ පුද්ගලයන් අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය වෙතත් තවත් සැකකරුවෙක් කුරුඳුවත්ත පොලීසිය වෙතත් ඉදිරිපත් කර තිබේ.

කෙසේවුවද, මෙම උද්ඝොෂණයට අදාළ පා ගමන පාලනය කිරීමට ඊයේ (16) පොලිසිය හා බුද්ධි අංශ ඇතුළුව අටදහසක පමණ පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණද, එය සංවිධානය කළ පිරිස් ඔවුන් මඟහරිමින් නෙළුම් පොකුණ දක්වාම ගමන්කර තිබිණි.

ඔවුන් ආරක්ෂක අංශ නොමඟ යවමින් උද්ඝෝෂණයේ අවසානය සැලැසුම් කළ ප්‍රදේශයට ළඟාවනතුරුම පොලිසියට එය වලක්වාගැනීමට නොහැකිව ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version