Connect with us

පුවත්

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Published

on



ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු පැවසුවේය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙම මාසය සඳහා ලබාදෙන මෙම අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බවය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටිකාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න. මේ මාසේ 10 වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා රජයේ විශේෂ වැඩපිළිවෙළක් යොදනවා මහ භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කරලා තියෙනවා. මේ රුපියල් 3000 දිමනාව අමතර දීමනාවක් ලෙස ලබාගන්න පුළුවන්. විශ්‍රාමිකයින්ට එම දිමනාව ඉදිරි දිනවලදී මේ මාසය සඳහා දීමනාවක් ලැබෙනවා. ලබන මාසයේ ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුපට මේ රුපියල් 3000 එකතුවෙනවා. අපේ රටේ රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවෙනවා. මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළා.”

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved