පුවත්

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

Published

on

කැබිනට් තීරණයක් මඟින් අනුමත වුණු රුපියල් 3000ක අමතර දීමනාව ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කලේය.

ඔහු පවසා සිටියේ මෙරට විශ්‍රාමිකයින් ලක්ෂ 7කට මෙම විශේෂ අමතර දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ලබා දෙන බවය.

එමෙන්ම, මෙම රුපියල් 3000 දීමනාව  2024 අයවැය ලේඛනයෙන් යෝජිත රුපියල් 2500ක මුදලට අමතරව ලබා දෙන්නක් බවය.

ඒ අනුව, සියලුම විශ්‍රාමිකයින්ට සැප්තැම්බර් මාසයේ සිට සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 5500ක දීමනාවක් හිමි වන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Trending

Exit mobile version