Connect with us

පුවත්

“විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක්”

Published

on

විශ්‍රාමික ප්‍රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී.

ඒ මහතා මේ බව පවසන ලද්දේ ඊයේ (19) දින පැවැත්වුන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කල “විශ්‍රාමික ජාතික සමුළුව ”  අමතමිනි.

ඉදිරි මැතිවරණය ගැනද අනුර දිසානායක මහතා මෙහිදී අදහස් දැක්වූයේය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැසිල් රාජපක්ෂට වුවමනාව තිබෙනවා. එක්කෝ එයා රනිල්ට සහාය දෙන්න ඕනෑ. ජනතාවගේ සහායෙන් රනිල් ජනාධිපති වුණොත්, පොහොට්ටුවේ ගමන එතනින් අවසන්. රනිල්ට සහාය නොදී වෙන අපේක්ෂකයෙක් දැම්මොත්, පොහොට්ටුවට තිබෙන ඡන්ද ප්‍රමාණයත් නැතිවෙනවා. දාන්න කෙනෙකුත් නැහැ. ….

ස.ජ.බෙ.ටත් අවශ්‍යයි පාර්ලිමේන්තුව විසුරුවා ගන්න. ජනාධිපතිවරණයේදී කේන්ද්‍ර වෙන්නේ පුද්ගලයන්….

 ජාතික ජන බලවේගයේ අපි මේ දෙකටම ලැහැස්තියි…”

අනුර  දිසානායක මහතා විසින් සිදුකරනු ලැබූ සම්පූර්ණ කතාව

පුවත්

දේශබන්දු ගැන විමර්ශනය කරන කමිටුව රැස්වෙයි

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්
කළ පරීක්ෂණ කමිටුව අද (23) පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබේ .

කමිටුව 2025.04.25 දින නැවත රැස්වීමට නියමිතය.

මෙම පරීක්ෂණ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන්සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් සමන්විතය .

2022 අංක 05 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතෙහි 5 වගන්තිය සමග කියවිය යුතු 3(ඈ) සහ 3(ඉ) වගන්ති ප්‍රකාරව විෂමාචාරය
සහ ධුරයේ බලය බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති
ධුරයෙන් ඉවත් කිරීම සඳහා එකී පනතෙහි 5 වන වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය .

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ බදු ගැන ඇමෙරිකා – ශ්‍රී ලංකා සාකච්ඡා සාර්ථකයි

Published

on

By

තීරු බදු ගැටලුව පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයන් හා ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡා සුබවාදීව අවසන් වි ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගියදා පැනවූ නව තීරු බදු සමස්ත ලෝකයම යම් කැළඹීමකට පත් වූ අතර ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර තවත් රටවල් ඇමෙරිකාවට එරෙහිව ද නව තීරු බදු පැනවීමටයි කටයුතු කර තිබුණි.

මෙය ශ්‍රී ලංකාවට ද බලපෑමක් එල්ල කළ අතර ශ්‍රී ලංකා රජය විසින් දැඩි අවධානය ඒ සම්බන්ධයෙන් යොමු කරන ලදී.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සෘජුවම ඇමෙරිකා ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් යොමුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු වෙළඳ නියෝජිතායතනයේ ප්‍රධානීන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවකට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව තිබේ.

මෙම සාකච්ඡාව සදහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේ දී එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ වන විටත් දින 90ක සහන කාලයක් නව තීරු බදු ක්‍රියාත්මක කිරීම සදහා ලබාදී තිබේ.

එම කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවට යම් සුබවාදී තීරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරයි.

Continue Reading

පුවත්

ගම්පහ දුම්රියක් පීලි පනී

Published

on

By


ගම්පහ දුම්රිය ස්ථානය ආසන්⁣නයේදී අද (23) පස්වරුවේ දුම්රිය පීලි පැනීමක් සිදුව තිබේ.

ප.ව. 4.25ට කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය එක් මාර්ගයකින් පමණක් ගමන්කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved