පුවත්

විශ්‍රාමික මන්ත්‍රීලා රකින්න තිස්තුන් කෝටියක්

Published

on

දැනට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ලබා සිටින හිටපු මන්ත්‍රීන් සහ මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 424 දෙනකුට මෙම වසරේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් තිස්තුන් කෝටියක් (රු. 330000000) ක් අයවැය මගින් වෙන්කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීන් මෙම සංඛ්‍යාවට අයත් නොවේ.

අප වෙත පාර්ලිමේන්තුවෙන් ලැබුණු නවතම වාර්තා අනුව වසර 5 ක අවම සේවා කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට සියලුම දීමනා ද සහිතව මසකට රුපියල් 57,620 ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස හිමිවෙයි.

මැතිසබයේ වසර 15 ක් හෝ ඊට වැඩි කාලයක් සිටි මන්ත්‍රීවරයකුට සියලුම දීමනා සහිතව ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප රුපියල් 75,715 කි.

Trending

Exit mobile version