අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම සිර දඬුවම මෙන්ම රු. ලක්ෂ 3 ක දඩයක්ද නියම කර ඇත.
එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් මාස හයක සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ දැක්වේ.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයි රාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.