පුවත්

විශ්‍රාම ගැන්වීමේ තීරණයට එරෙහිව විශේෂඥ වෛද්‍යවරුන් අධිකරණයට

Published

on

විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා අඩුකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් සලකා බලා තිබේ.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඔක්තෝබර් මස 17 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවය.

අදාල පෙත්සම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ලබන මස 13 වනදා කරුණු දක්වන ලෙස වගඋත්තරකරුවන්ට නොතිසී නිකුත් කර ඇත.

විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනෙකු විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.

(මූලාශ්‍රය අද දෙරණ)

Trending

Exit mobile version