වයස අවුරුදු 60න් විශ්‍රාම යන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධාරින් තමන් පරිහරණය කළ වාහන රැගෙන යාමට ගෙන ඇති තීරණය වහාම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම රාජ්‍ය බැංකු සභාපතිවරු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ටය.
ඒ රාජ්‍ය බැංකුවක මාණ්ඩලික නිලධාරින් විසිදෙනෙකු විශ්‍රාම යාමේදී මෙලෙස වාහන රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් පසු මුදල් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.
මෙම වාහන තක්සේරු මිල ගණන්ද අඩුකර අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව රැගෙන යන බවට තොරතුරු අනාවරණ වූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳ ගෙන ඇති අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අහෝසි කර වාහන සම්බන්ධයෙන් ගනු ලබන සියලුම තීරණ මුදල් අමාත්‍යාංශයට දැනුම් දිය යුතු බවද චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
(අරුණ)