Connect with us

පුවත්

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ප්‍රජාව සඳහා ඡන්දෙට නිවාඩු ලැබෙන හැටි

Published

on

විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 ජනාධිපතිවරණයේ ස්වකීය ඡන්දය ලබාදීමට හැකිවන ආකාරයට නිවාඩු ලබාදීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිය ඡන්දය ප්‍රකාශ කළ හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියා කරන ලෙස, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධව ද එම නිවේදනයේ සඳහන්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්.

පුවත්

රාජ්‍ය සේවයට අලුත් බඳවා ගැනීම් 30,000ක්

Published

on

By

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයකි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද මෙහිදී බඳවා ගැනීම් සිදු කරන බවය.

මීට අමතරව කළමණාකාර සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරයා පවසා ඇත්තේ, සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවය

Continue Reading

පුවත්

අර්ජුන් ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහි නඩුව එළඹෙන ජූලි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

නොච්චියාගම  පී. ඩී. ජී. ඇග්‍රි බිස්නස් සමාගමෙන් කැබලි කරන ලද බඩ ඉරිඟු කිලෝ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඊට අදාළ මුදල් නොගෙවා රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදලක් වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ  චෝදනාවකට අදාළව මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව කැඳවු අවස්ථාවේ  අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා මෙමෙ නියෝගය නිකුත් කළේය.

ඊට අදාළ විමර්ශනයන් හි ප්‍රගතිය දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කරන ලදී.

අදාළ නඩුව  කැඳවීමට නියමිත ලබන ජූලි මස 23 දින සැකකාර අර්ජුන් ඇලෝසියස් මහතා යළි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින  ලෙසටද  නියෝග කර තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනයක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළ ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර ඇත.

ජනාධිපතිතුමා විසින් මේ වසරේ ජනවාරි මාසයේ චීනයේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතාවකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් පාසල් 500ක් සහ ආදර්ශ සුහුරු පන්ති කාමරයක් සඳහා අවශ්‍ය වන උපාංග යෝජිත ව්‍යාපෘතිය මඟින් ලබා දීමටත්, එම ව්‍යාපෘතිය යටතේ වන ජාල මෙහෙයුම් කළමනාකරණ ඒකකය, වැඩසටහන් මෙහෙයුම් මැදිරිය සහ සම්මන්ත්‍රණ කාමරය ‘ඉසුරුපාය’ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved