පුවත්

විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු ගැන අධ්‍යාපන ඇමති කියයි!

Published

on

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම හා උසස් පෙළ විභාගයට තව කාලයක් දියයුතු නිසා උසස් පෙළ විභාගය කල් දැමීමට සිදුවූ බවද ඒ මහතා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.

“2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා විෂය නිර්දේශය ඒ වර්ෂය තුළදී බොහෝදුරට අවසන් කරගන්න, එහෙම වුනොත් අපිට සාමාන්‍ය පෙළ උසස්පෙළ විභාග ඒ නිශ්චිත කාලසීමාවන්වලට ඉදිරියට ගන්න පුළුවන්කම තියේවී දැන් කඩඉම් ලකුණු තව සති දෙක තුනක් ඇතුළත ලබාදෙන්න කටයුතු කරනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා, ඒ වගේම පාසල් උපකරණ පිළිබඳව ලබන සඳුදාට මම අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. සෙස් බද්ද ඉවත්කරගැනීම සඳහා පාසල් උපකරණ සම්බන්ධයෙන්.”

Trending

Exit mobile version