පුවත්

විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම අවසන් වන දිනය ?

Published

on

2023 වර්ෂයට අදාළ ව විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ සමත් සිසුන් 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වනවිට (04) අයදුම්පත් කැඳවා ඇති බවය.

ඒ අනුව, පසුගිය වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමේ අවසාන දිනය මෙම වසරේ ජූලි මස 05 එනම් හෙට දිනයෙන් අවසන් වන බවද එහි සඳහන් වේ.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසට ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර ඇත.

Trending

Exit mobile version