Connect with us

පුවත්

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ පවුලේ අය නූලෙන් බේරෙති

Published

on

කාර්මික දෝෂයකට ලක්ව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කර තිබුණු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පදවාගෙන පැමිණි ජීප් රථයේ ලී කුඩු ප්‍රවාහනය කරන ලොරි රථයක් පෙරේදා (15) රාත්‍රී කාලයේදී ගැටීමෙන් සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දොඩංගොඩ අන්තර් හුවමාරුව සහ ගැලණිගම අන්තර් හුවමාරුව කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ පැය 08ක පමණ කාලයක් වාහන ධාවනය කිරීමට බාධා එල්ල වී තිබිණි.

මෙම අනතුර සිදු වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හා ගැලණිගම අන්තර් හුවමාරු අතර කොළඹ දෙසට ගමන් කරන්නට ඇති මංතීරුවේදීය.

ගාල්ලේ සිට කොළඹ බලා සිය බිරිය හා සහෝදරිය රැගත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පදවාගෙන යමින් තිබුණු ජීප් රථය මඟ නතර කිරීමට සිදුව ඇත්තේ එම ජීප් රථයේ වම්පස රෝදය කාර්මික දෝෂයක් හේතුවෙන් යම් ආපදාවකට ලක්ව තිබීම හේතුවෙනි.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා නියමිත ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් වාහනය මාර්ගයේ අයිනේ නවතා දෝෂය කුමක්දැයි පරීක්ෂා කර බැලීමට ජීප් රථයෙන් පිටතට පැමිණ සිටියදී වේගයෙන් පැමිණි ලොරි රථය ජීප් රථයේ බඳ කොටසේ ගැටී මාර්ගය හරහා පෙරළී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ලොරි රථයේ ගැටුණු ජීප් රථය අඩි කිහිපයක් ඉදිරියට වීසි වී ගොස් ඇති අතර වාසනාවකට එහි සිටි ආනන්ද විජේවික්‍රම මහතාගේ බිරියට හෝ සහෝදරියට කිසිදු හානියක් වී නැතැයි පොලිසිය කියයි. එසේම ජීප් රථයෙන් පිටත සිටි වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ දිවි ගැලවී ඇත්තේ ද වාසනාවකට බව පොලිසිය කියයි.

ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් එහි තිබුණු ලී කුඩුද සීසීකඩ විසිරී ගොස් තිබී ඇත. මෙම අනතුරින් ලොරි රථයේ රියැදුරුගේ හිසට තුවාල සිදුව තිබේ. ඔහුව බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර ඇති අතර හිසට මැහුම් 06ක් ද දමා ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (15) රාත්‍රී 10.30ට පමණය. මෙම අනතුර හේතුවෙන් මාතර සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුව අවහිර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. එබැවින් එම මාර්ගයේ කොළඹට පැමිණෙන කොටසක් වසා තැබීමට ද සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මාතර සිට කොළඹට ධාවනය වූ වාහන දොඩංගොඩ අන්තර් හුවමාරුවෙන් පිටතට ගොස් නැවත ගැලණිගම අන්තර් හුවමාරුවෙන් ඇතුළු වීමට මේ නිසා සිදුවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මාර්ගයේ මෙම මංතීරුව නැවත යථා තත්ත්වයට පත්කරනු ලැබුවේ අනතුරින් පැය 08කට පසු ඊයේ (16) උදෑසන කාලයේදීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved