විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම ට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා හා මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙසේ අනුමැතිය ලැබි ඇත.