Connect with us

පුවත්

විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ( Update )

Published

on

2025 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි

එම විසර්ජන පනත් කෙටුම්පත අද (09) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම මෙහිදී මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වන ‘Cලේන් Sරි ලන්ක’ වැඩසටහන ගැන ද අග්‍රාමාත්‍යවරියගේ අදහස් පළ කලාය.

‘Clean Sri Lanka’ වැඩසටහන බලෙන් ක්‍රියාත්මක කළ යුතු දෙයක් නොව සියලු දෙනාගේ කැමැත්ත සහ සහභාගීත්වය මත සිදුවිය යුතු වැඩසටහනක් බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.


(පෙර පුවත 2024 ජනවාරි 09 පෙ. ව 09:18)

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇත.

පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ.

පුවත්

අනතුරට පත් ඉන්ධන බවුසරයේ ඉන්ධන ලීටර් ගාණක් අතුරුදහන්

Published

on

By

කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,000ක් ප්‍රවාහනය කළ පෞද්ගලික අංශයේ බවුසර් රථයක් පෙරළීමෙන් පසුගිය 14 වැනිදා සිදු වූ අනතුරෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 13,000ක් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.

එම බවුසරයේ පෙට්‍රල් ලීටර් 13,800ක් සහ ඩීසල් ලීටර් 13,200ක් ලෙස ප්‍රවාහනය කරමින් තිබියදී නුවරඑලිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්‍රන් වත්ත ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී අනතුරකට ලක්විය.

කෙසේ නමුත්, බවුසරයේ පෙට්‍රල් සහ ඩීසල් කාන්දු වීමත් සමග ප්‍රදේශවාසීන් කාන්දු වෙමින් තිබූ ඉන්ධන, බූලිවලට රැගෙන යන අයුරුද දැකගත හැකිවිය.

බවුසරය අනතුරට පත්වන අවස්ථාවේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්වයක් සමග ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉහළ කොත්මලේ ජලාශයට කාන්දු වී තිබුණි.

අනතුරට පත් බවුසරයේ තිබූ ඉතිරි ඉන්ධන, කොටගල ඛණිජ තෙල් නීතිගත සංස්ථා ගබඩා සංකීර්ණයේ නිලධාරින් වෙනත් බවුසර් රථ යොදාගෙන ඉන්ධන ඉවත් කරගෙන තිබේ.

කෙසේ නමුත්, බවුසරය අනතුරට පත් වූ ස්ථානයට පහළින් වූ තේ වතු ගණනාවක වතු කම්කරුවන් පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලටද ඉන්ධන එක් වී ඇත.

මේ පිළිබඳව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරියගේ නියමයෙන් විමර්ශනයක්ද ආරම්භකර තිබේ.

ඉන්ධන ප්‍රධාන මාර්ගයේ සහ ජල මූලාශ්‍රවලට මුසු වීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

කෝටි 21ක රත්‍රං සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය.

අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය.

ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත.

මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කීපයක් ද සඟවාගෙන තිබී ඇත.

ඒ අනුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය සමග භාර දී තිබේ.

Continue Reading

පුවත්

වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700ට ළඟාවෙයි

Published

on

By

දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වනවිට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ, වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බවය.

මෙරට ජනතාව, ව්‍යාපාර සහ ආයතනවල හරිත මෙන්ම වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්මන් කාලීන අවශ්‍යතාවට අනුගතවෙමින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය, සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සිය කෘතඥතාව පළකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved