පුවත්

විසා දික් නොකිරීමෙන් ජෝර්දානයේ සිටින ලාංකිකයන් 200ක් අනාතයි

Published

on

වීසා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් ජෝර්දානයේ කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු ශ්‍රී ලාංකික 200කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටි.

ජෝර්දානයේ, සහාබ්හි අල් ජුමාත් කර්මාන්ත පුරයේ අසීල් නැමැති කර්මාන්ත ශාලාවක ඔවුන් සේවය කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට වීසා දීර්ඝ නොකිරීම ඇතුළු තවත් ගැටලු රැසකට තමන් මුහුණපා සිටින බවද එම ශ්‍රී ලාංකිකයින් මාධ්‍යට පවසා තිබේ.

මේ අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටී.

Trending

Exit mobile version