කොළඹ, විහාරමහා දේවි උද්‍යානයේ භාරකාරිත්වය කොළඹ මහ නගර සභාවට (CMC) පැවරීමට අනුමැතිය හිමිවී තිබේ.
ඒ, කොළඹ මහා නගර සභාව කල ඉල්ලීමකට අනුවයි.
විහාරමහාදේවි උද්‍යානයේ භාරකාරිත්වය මීට පෙර ද කොළඹ මහ නගර සභාව යටතේ පැවතුණු අතර 2004 වසරේදී එය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කෙරුණේ, ලෝක බැංකු අධාර යටතේ සංවර්ධනය කිරීම වෙනුවෙන් ය.
ඒ අනුව 2004 සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය සතුව පැවති එහි භාරකාරීත්වය කොළඹ මහ නගර සභාවට පැවරීමට අනුමැතිය ලැබුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එම්.පී.කේ රණවීර මහතා සඳහන් කළේය.
(මූලාශ්‍රය : නිව්ස් ෆස්ට්)