පුවත්

කළුතර දැරිය මැරූ සීසර් ට විවාහ දෙකක්!

Published

on

කළුතර නගර මධ්‍යයේ පිහිටි හෝටලයක උඩු මහලින් වැටී මියගිය බව කියන දහසය හැවිරිදි දැරිය ඒම හෝටලයට රැගෙන ගිය LOLC සමාගමේ ද සීසර් කෙනෙකු ලෙස කටයුතු කරන බව කියන  ධනුෂ්ක ගයාන් සහබන්දු නැමැත්තාට මේවන විට ද විවාහ දෙකක් ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබේ.

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයට අනුව දැරිය සමග හෝටල් කාමරයේ සිට පලාගිය ප්‍රධාන සැකකරු ගයාන් විවාහ දෙකක් සිදුකරගෙන ඇති බව හෙළිකරගෙන ඇත.

විසිනම හැවිරිදි ඔහුගේ එක් බිරිඳක් පානදුර ප්‍රදේශයේත්, අනෙක් බිරිඳ කළුතර ඉසුරු උයනේත් පදිංචිව සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මේ වන විට එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි ද මේ අතර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

සබැදි පුවත්

කළුතර සිසුවියගේ සිරුරේ දත් පහරවල්; සැකකරු තවම නිදැල්​ලේ

කළුතර පාසල් සිසුවිය මැරුවේ සීසර් කෙනෙක්!

Trending

Exit mobile version