වීරකැටියේ පවුලක් හා ගැටුන SI ට කන්දෙකම අහිමි වෙයි! (වීඩියෝ)වීරකැටිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයායේ ප්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ.
ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.
ඊයේ (06) ඇති ව තිබූ මෙම ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි.
සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව පැවසේ.