වීරකැටිය මොරයාය පාසල් ක්‍රිඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඊයේ (12) රාත්‍රි 11ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් 31 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් තවත් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
පිහි ඇනුමින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හකුරුවෙල දිඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි බොලබොටුගේ රුවන් කුමාර නමැති තරුණයෙකි.
පිහි ඇනුමින් බරපතල තුවාල ලැබූ ඔහු වීරකැටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සැකකරු ඝාතනය සදහා යොදාගත් පිහිය සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.