Connect with us

පුවත්

වීරකැටියේ හත්දෙනා 21 දක්වා රිමාන්ඩ්

Published

on

වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ දී ඊයේ (06) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 07දෙනෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.

වීරකැටිය, අන්තනයාල ප්‍රදේශයේ පොලීසිය සහ ගම්වාසින් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරින් 08 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.

වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් ඊයේ පස්වරුවේ සිවිල් ඇඳුමින් සැරසී අත්තනයාල ප්‍රදේශයට ගොස් තිබුණේ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

කෙසේවෙතත් එම මෙහෙයුමෙන් පසු යළි පැමිණෙමින් සිටි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරින් පිරිසට, මාර්ගයේ රැඳීසිටි තරුණයින් පිරිසක් ප්‍රශ්න කිරීමත් සමග යම් බහින්බස්වීමක් සිදුවී තිබුණි.

අනතුරුව එම බහින්බස්වීම ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත.

ගැටුමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරින් 07දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මේ වනවිට තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පොලීසිය පැවසුවේ, ගැටුම අතරතුර සිවිල් වැසියෙකු වීරකැටිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ කන් දෙක සපා කා ඇති අතර එක් කනක් වෙන්වී ඇති බවය.

ඒ අනුව, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර තිබේ.

සබැඳි පුවත්:

වීරකැටියේ පවුලක් හා ගැටුන SI ට කන්දෙකම අහිමි වෙයි! (වීඩියෝ)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved