නියමිත වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශීකයින් සඳහා අය කරන දඩ මුදල් ඉහළ දමා තිබේ.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක දැක්වෙන්නේ වීසා කාලය දින 7 – 14ක් දක්වා ඉක්මවූ විදේශීකයින් සඳහා අමෙරිකානු ඩොලර් 250ක් දඩ මුදල් ලෙස අය කරන බවයි.
දින 14ට වැඩි කාලයක් ඉක්මවූ විදේශීකයින් සඳහා අමෙරිකානු ඩොලර් 500 ක් ද වශයෙන් දඩ මුදල් ඉහළ දමා ඇත.
තවද, අදාල දඩ මුදලට අමතරව වීසා ගාස්තු ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වේ.