පුවත්

වීසා දීම සරල වෙයි !

Published

on

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙරටට පැමිණෙන විදේශිකයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග 3ක් 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත යටතේ ඇති රෙගුලාසි වලට අනුව  නිකුත් කර ඇත.

වීසා කාණ්ඩයන් වන පැමිණීමේ වීසා සහ වාස වීසා යන වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා වල සංකීර්ණතා සැලකිල්ලට ගෙන මෙරට පවතින වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

ඒ අනුව වර්තමානයේ පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Trending

Exit mobile version