පුවත්

වීසා නැතිව කුවේටයේ සිටි ගෘහ සේවිකාවන් 26ක් මෙරටට එවයි

Published

on

නීතිවිරෝධී ලෙස වීසා නොමැතිව කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින්, එරට විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන්ව අද (08) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙලෙස මෙරටට එවා ඇත්තේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින 2,000 කට අධික ගෘහ සේවිකාවන් අතරින් කොටසක් බව එරට තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පවසා ඇත.

එමෙන්ම සෙසු පිරිස ද කොටස් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු පවසා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන් විසින් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග මේ පිළිබඳ කටයුතු කර මෙම ගෘහ සේවිකාවන්ට එරෙහිව පැවති නඩු ඉවත් කරවා ගෙන , ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ .

එසේම මෙම ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අතරින් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර නොමැති වූවන් සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට ද කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබුණි.

(මූලාශ්‍රය : ලංකාදීප)

Trending

Exit mobile version