පුවත්

වී තොග අතුරුදහන් වීම සම්බන්ධයෙන් දෙදෙනෙකුගේ වැඩතහනම්

Published

on

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 700ක ප්‍රමාණයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසයි.

අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් ලක්ෂ 650 – 700ත් අතර වන බවට ඇස්තමේන්තු ගත කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 05කින් වී තොග අතුරුදන්වීම සම්බන්ධයෙන් දින 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ විමර්ශන අංශය හරහා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබුණි.

Trending

Exit mobile version