2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
අක්කරයක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 2,000ක් ද අක්කර 02ක් දක්වා වගා කර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 4,000ක්ද අක්කර 02කට වැඩි වගා සිදුකර ඇති ගොවීන්ගෙන් වී කිලෝ 5,000ක්ද මිලදී ගන්නා බව මුදල් අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර ඇත්තේ, එම වී තොග සහල් බවට පත් කර මාර්තු සහ අප්‍රේල් වලදී තෝරාගත් පවුල් සඳහා සහල් කිලෝ 10ය බැගින් බෙදාහැරීමට පියවර ගන්නා බවය.
ඉහත චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බෝල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසය.
එමෙන්ම තෙතමනය 14% ඉක්මවන හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යංශය දැනුම්දී තිබේ.