වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳපොළේ වී මිල ඉහළ ගොස් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබුණි.
ඒ අනුව එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තිබෙන නමුත් ගොවීන් විසින් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි කර තිබෙන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසයි.
එසේ වුවත් වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා තිබෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.