සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී රෝහල්ගතව සිටියදී මියගිය පොලිස් සැරයන්වරයාව උප පොලිස් පරීක්ෂක නිලයට උසස් කර තිබේ.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව මෙම උසස්වීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති – නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර ඇත.
එම නිලධාරියා මල්වතුහිරිපිටිය පොලිස් වසමේ බටේපොළ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා යාමේ දී වෙඩිවැදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) මියගොස් තිබුණි.
සබැඳි පුවත් :
බටේපොළ දී වෙඩි වැදුණු සැරයන් මියයයි