පුවත්

වෙඩි නොවදින පොඩි විජේගේ අම්මා මියයයි! (වීඩියෝ)

Published

on

අසූව දශකයේ අසාධාරණයට අයුක්තියට එරෙහිව සටන් වැදුණු බව කියන සමාජයේ වරදින් නොමග ගිය පසුව පොලිස් වෙඩි පහරකින් මියගිය හේරත් මුදියන්සේලාගේ විජේසුන්දර නොහොත් “පොළොන්නරුවේ පොඩි විජේ” යන අයගේ මවවන එච්.ජි. පුංචි මැණිකේ ඊයේ (13) මියගියාය.

පොළොන්නරුවේ පොඩි විජේගේ මව මිය යන විට අනුපස් වන වියේ පසු වූවාය. 

පුංචි මැණිකේ දරු දැරියන් 8 දෙනකුගේ මවකි. 

පොඩි විජේ ඇයගේ දෙවැනි දරුවාය.

පොළොන්නරුවේ පොඩි විජේගේ මවගේ දේහය ඇයගේ බාල දියණියගේ නිවස පිහිටි සීගිරිය තල්කොටේ ප්‍රදේශයේ නිවසේ තැන්පත් කොට තිබෙන අතර ඇයගේ අවසන් කටයුතු අද (14) සිදුකරන බව පවුලේ ඥාතීහු පවසති.

පොඩි විජේ ඔහු නමින් ගීත කීපයක්ද සිනමා පටයක් ද තිබේ. 

පොඩි විජේ අලලා තැනුන යූ ටියුබ් වීඩියෝවක් පහත දැක්වේ.

ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් මහතා විසින් ඔහු වෙනුවෙන් නිර්මිත වෙඩි නොවදින පොඩි විජේ ගීතය විජේගේ ජීවිතය අලලා නිර්මිත වූවකි.

Trending

Exit mobile version