පුවත්

වෙඩි වැදී පොලිස් නිළධාරියෙක් මරුට

Published

on

අනුරාධපුර, රුවන්වැලි මහසෑය පොලිස් මුරපලේ රාජකාරිබාරව සිටි 55 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු අද (11) අලුයම පහට පමණ වෙඩි වැදී මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ උඩමළුව පොලිසියේ රුවන්වැලි මහ සෑය උප පොලිස් ඒකකයට අනුයුක්තව සේවය කළ බුලංකුලම වත්ත, අනුරාධපුර යන ලිපිනයේ ජයතිලක (55) නැමති සැරයන්වරයෙකි.

මෙම සැරයන්වරයා මෙදින රැවන්වැලි සෑය පොලිස් මුරපොලේ රාජකාරි බාරව කටයුතු කරමින් සිටි බව පොලිසිය සඳහන් කලේය.

මෙය දිවි නසා ගැනීමක්ද වෙඩිතැබීමක් යන්න සම්බන්ධයෙන් උඩමළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

Trending

Exit mobile version