පුවත්

වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ඇරඹීමට ධූත පිරිසක් එරටට

Published

on

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීම සම්බන්ධයෙන් මෙරට නියෝජිත පිරිසක් ලබන සතියේදී එරට සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිසක් අප්‍රේල් 22 වනදා සිට 25 වනදා දක්වා කාලය තුළ නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය බවයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ආරම්භ වන්නේ පසුගියදා ගනු ලැබූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුවයි.

මේ වනවිට විශාල ශ්‍රී ලාංකික වෘත්තිකයින් සහ සිසුන් පිරිසක් එහි රැදී සිටින බවත්, ඔවුන්ට පහසුකම් සැපයීම සහ දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version