පුවත්

වෙලේ සුදාගේ නඩුව අගෝස්තු 4ට කල් යයි

Published

on

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 15කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා ලබා සිටින සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ ට, ඔහුගේ බිරිඳට සහ ඥාති සහෝදරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙන්නේ අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසය.

තවද ලබන අගෝස්තු මස 04 වනදා නඩුව කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇත.

Trending

Exit mobile version