Connect with us

පුවත්

වෙසක්එකට මැයි 4 සිට 6 දක්වා බාර් වහලා!

Published

on

වෙසක් උත්සවය නිමිත්තෙන් රට පුරා සුරාසැල් මැයි 4 සිට මැයි 6 දක්වා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.

2023 වසරේ වෙසක් උත්සව සමය නිමිත්තෙන්
දිවයිනේ සියලුම මත්පැන්හල් වසාතැබීම.

අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරනු ලැබූ යෝජනාවකට අනුව 2023 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් 2023 මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

  1. ඒ අනුව 04 වන බ්‍රහස්පතින්දා දින සිට 06 වන සෙනසුරාදා දින දක්වා එකී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු කලයුතු වන අතර, එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් දී ඇත.
  2. මෙම කාල සීමාව ආවරණය කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමය පරිදි සහකාර සුරාබදු කොමසාරිස් කොට්ඨාශ 13කින්ද, සුරාබදු අධිකාරි කොට්ඨාශ 31කින් සහ දිවයින පුරා ව්‍යාප්තව පවතින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ සුරාබදු ස්ථාන 57ක් යටතේ සැපයුම් දාම නියාමනය කිරීමේ සහ නීති ක්‍රියාත්මක කිරීමේ රාජකාරි සඳහා1000කින් සමන්විත වන සුරාබදු කාර්යමණ්ඩලයක් යොදවා ඇත.
  1. සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධවලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව විසින් අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, [email protected]  විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

කපිල කුමාරසිංහ
අතිරේක සුරාබදු කොමසාරිස් / ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්
සුරාබදු කෙමෙසාරිස් / ආදායම් හා මෙහෙයුම්
මාධ්‍ය ප්‍රකාශක / ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව.
077-260-2842

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved