පුවත්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප රැසක්

Published

on

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇත.

වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

වෙසක් කලාප ආශ්‍රිතව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 18,000කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවෙ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේය.

Trending

Exit mobile version